මානව විද්‍යාව වෙත ප්රවේශයන්
04:59 |
Labels:
සතර ක්ෂේත්‍ර ප්‍රවේශය
ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය තුල මානව විද්‍යාව ‘සාකල්‍ය’ ලෙස අර්ථකථනය කරනු ලබන අතර ‘සතර ක්ෂේත්‍ර ප්‍රවේශයක්’ මත පදනම් වෙයි. මෙය න්‍යායාත්මකව හෝ ප්රයෝජ්යතාවාදී ලෙස හෝ ඇමරිකානු ශ්රාස්ත්රාලීය ආයතනයන්හි ව්‍යුහයන්ට වැදගත් වනනේද යන්න පිලිබඳව වන සංවාදය වර්තමානයේදීද පවතී. ඊට සහාය දක්වන්නෝ මානව විද්‍යාව හේතු දෙකක් නිසා සාකල්‍ය වන බව කියා සිටිති. එනම් එය ඕනෑම කාලයක ඕනෑම ස්ථානයක වෙසෙන මිනිස් වර්ගයා සහ මානුෂිකත්වයේ සියලූම පැතිමානයන් (පරිමාණාමණීය, ජීව භෞතිකමය, සමාජ දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, භාෂාමය, මනෝවිද්‍යාත්මක ආදී) සම්බන්ධයෙන් අදාලවීමයි. එමෙන්ම මෙම ප්‍රවේශය අනුගමනය කරන ශාස්ත්රාලීය වැඩසටහන් මානව විද්‍යාව වෙත ‘සතර ක්ෂේත්‍ර ප්‍රවේශයක්’ අනුගමනය කරනු ලබන අතර එහිදී ඊට භෞතික විද්‍යාව, මානව විද්‍යාව, පුරාවිද්‍යාව, භාෂාවිද්යාව සහ සංස්කෘතික මානව විද්‍යාව හෝ සමාජීය මානව විද්‍යාව ඇතුලත් වෙයි. සාකල්‍ය සහ ‘සතර ක්ෂේත්‍ර’ ලෙස මානව විද්‍යාවේ අර්ථකථනය සමහර ප්‍රධාන පෙළේ මානව විද්‍යාඥයින් විසින් අභියෝගයට ලක්කරනු ලැබ ඇත. ඔවුහු කියා සිටින්නේ ඒවා 19 වන සියවසේ සමාජ පරිණාමීය සිතීමේ නිර්මාණයන් වන බවත් විශේෂයෙන්ම ඒවා විසින් සංස්කෘතික මානව විද්‍යාව (මානව ශාස්ත්‍රය මත නෛසර්ගික ලෙස බැඳී පවතින) මත විද්‍යාත්මක ඉන්ද්රයානුභූතිවාදය වගවිභාගයකින් තොරව පැටවීමට උත්සාහ කරන බවත්ය. සමාජ –සංස්කෘතික මානව විද්‍යා ‘ජීව විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක මානව විද්‍යාව’ සමඟ ‘අනුකලනය’ අඳහා වන පීඩනය ඉන්දි්රයානුභූතිවාදය (නිවැරදි දැනුම සොයාගත හැක්කේ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් පමණක් බවට වන විශ්වාසය) වගවිභාගයකින් තොරව සංස්කෘතික මානව විද්‍යාව මත පැටවීමට දරන උත්සාහයක් ලෙසින් විවේචනයට ලක්ව ඇත. මෙම විවේචනය 1960 දශකයේදී සංවර්ධනය වෙමින් පැවැති සමාජීය ජීවවිද්‍යාවේ සහ ඇමරිකානු මානව විද්‍යාවේ ‘සතර ක්ෂේත්‍ර ප්‍රවේශය’ වෙත එල්ල විය (මාර්ෂල් ෂිලිංග්ස් වැනි සමාජීය මානව විද්‍යාඥයින් විසින්). එක්සත් ජනපදයේ සම්භවය ලැබූවද සතර ක්ෂේත්‍ර ප්‍රවේශය සහ එය අරබයා ඇතිවූ සංවාදය ඇමරිකානු ශාස්ත්රාලීය බලපෑම හේතුකොටගෙන ලෝකය පුරා ව්‍යාප්ත විය.
@කසුන් තාරක
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment