පැරණි කුළ කාන්තාව සතු වූ ගුණාංග


මානව ශිෂ්ටාචාරයේ ඈත ප්‍රාථමික යුග පිළිබඳ ඉතිහාසය පවසනුයේද "ගුහාව" නමැති ගෘහයෙහි පාලිකාව වූයේ ස්‌ත්‍රිය බවයි. ඒ ඔවුහු අතීතයේ විසුවේ ගල්ගුහාවල වන අතර පිරිමියා විසින් එය වෙත ගෙන එන ලද මසක්‌ හෝ අල පළා ඵලයක්‌ අර පිරිමසා හදා කියා බෙදා දුන්නේ ස්‌ත්‍රියක විසින් වන බවයි. එයද ශිෂ්ටාචාර වීමේ ගමන් මගෙහි යම් දුරක්‌ පැමිණීමෙන් පසුව විය. සත්ත්වයන් අතර මානවයා හැරුණු කොට සෙසු සත්ත්වයෝ තවමත් ශිෂ්ටාචාරය ආරම්භ වූ තැනම නතරවී හිඳිමින් පෙර කරන ලද කාර්යයන්ම සිදුකරමින් සිටින බවත් පෙනේ. ඉන් පසුව සමාජ ගතවීමේදී එහි ආරම්භය "පවුල" විය. අදත් ලංකාවෙහි ගම්බදව පවුල යනු බිරිඳයි. පුරුෂයා පවුලේ ප්‍රධානියා වූ අතර සෙසු සාමාජිකයින් ආණ්‌ඩු මට්‌ටු කරගෙන පවුල පාලනය කරන ලද්දේ බිරිඳ නොහොත් මව විසිනි. මෙම "මව" නොහොත් "අම්මා" යන වචන මාත්‍රය සෑම පුද්ගලයකු තුළම නිදන්ගත දිවමතුරක්‌ හා සදිසි වූයේ ඇය නිරායාසයෙන් පවුලෙහි වැදගත්ම සාධකය වූ බැවිනි. හදිසි උපද්‍රවයකදී හෝ මරණ මොහොතේදී වුව මව යන "දිව්‍ය මාත්‍රාව" මැතිරෙනුයේ සහජ බැදීම නිසාය. පියා වැදගත් වන්නේ ජාතකය සඳහා වන බව සත්ත්ව ලෝකය දෙස බලන විට ද පෙනේ. සෙසු සියල්ල විකාශය වී ඇත්තේ ශිෂ්ටවීම යටතේ මිස ස්‌වභාව ධර්මය අනුව නොවේ. බමුණන් විසින් සිය ආධිපත්‍යය පතුරවමින් මෙම ශිෂ්ටාචාර ගමන් මඟට නව අර්ථකථන දීමේදී විවාහ වනතුරු පුරුෂයකුගේ පූර්ණත්වයක්‌ නැති බවත් ඊට භාර්යාව නමැති උතුම් භාග්‍ය එක්‌විය යුතු බවත් පවසා ඇත්තේ පුරුෂාධිපත්‍යය පැතිරවීමේ අරමුණින් බව පෙනේ. එහෙත් සැබවින්ම පැවසිය යුතු වන්නේ ස්‌ත්‍රියගේ පූර්ණත්වයට පුරුෂයා එක්‌විය යුතු බවකි.

මුල් ආර්ය යුගයන්හි සමාජය සැකසී පැවතියේ එක්‌ එක්‌ විවාහක යුවලක්‌ ගෘහයක්‌ ලෙසිනි. එබඳු ගෘහ කීපයකින් "ගමක්‌" ගොඩ නැගුණි. ගමෙහි ප්‍රධානියා "කුලපති" විය. ගම් කීපයක්‌ "විශ්" නම් විය. එහි ප්‍රධානියා "විශ්පති"ය. "විශ්" නමැති පළාත් කීපයක්‌ "ජන" නම් විය. එහි පාලකයා "රජු" ය. මෙසේ ගොඩනැඟි පාලන තන්ත්‍රයේ කුඩා ඒකකය තුළ යහ පාලනය මහා සමාජයේ අභිවෘද්ධියට ඉවහල් විය. මේ නිසා ගෘහ ඒකකය යහපත් කිරීම පිණිස පැවැති පාලන ධර්මතාවනට වැදගත් තැනක්‌ හිමි වූ බව පෙනේ. එහි උපයන්නා හා ප්‍රධානියාද තීරණ ගන්නාද නාමික වශයෙන් සැමියා (පියා) වූ අතර වැඩි වගකීම් කොටස දරන ලද්දේ බිරිඳ නොහොත් පවුලේ මව විසිනි. එහෙත් ඇය සතුව පැවැති සමාජ තත්ත්වය එවක සමාජ තීරකයන් විසින් පස්‌වැනි හයවැනි සියවස්‌ වනවිට පහළට ඇද දමා තිබිණ. කාන්තාවට සාධාරණත්වයක්‌ ලබාදෙන ලද්දේ බුදුන් වහන්සේ භාරතයෙහි පහළවීමෙන් පසුව විය.

සංහිතා හා උපනිෂද් කාලයන්හි යම් නිදහසක්‌ කාන්තාව විෂයයෙහි පැවැති බවට සාධක තිබේ. "මෛත්‍රී" "ගාර්ගීය" "කෘත්‍යායනී" "ඝෝෂා" "විශ්වචාරි" වැනි උගත් කාන්තාවන් ගැන සඳහන් වන අතර ඔවුන් සමාජයේ විශේෂ සැලකිල්ලක්‌ ලද අය බව කියෑවේ. පාණිනීගේ සමහර වාර්තාවන්හි සඳහන් වන ආකාරයට කාන්තාව සඳහා "චරණ" නමැති අධ්‍යාපන ශාලා පැවැති බවද සඳහන් වේ. ක්‍රි. පූ. 700 - 500 තරම් කාලය තුළ කාන්තාව අරභයා පැවැති "නිෂ්ඨා" දෙක වූයේ වේදාධ්‍යයනය හෝ විවාහයයි. ඝෘග් වේදයට අනුව මෙම කාලයේදී සුදුසු වයස එළැඹීමත් සමග විවාහය සිදුකරන ලදී. ඒ වන විට කාන්තාවට ප්‍රේම සම්බන්ධතා ගොඩ නඟාගැනීම, රහසිගතව පෙම්වතුන් මුණ ගැසී කතාබස්‌ කිරීම, තෑගි බෝග හුවමාරු කර ගැනීම, විවිධ මෝස්‌තර විලාසිතාවලින් සැරසීම, ආව භාව ලීලා පෑම ආදිය සඳහා නිදහස පැවති බව සඳහන් වේ. සමාජය යම් උසස්‌ තත්ත්වයක පැවැති අතර සමාජ විරෝධී ක්‍රියා බහුලව සිදු නොවීය. උසස්‌ පිළිගැනීමකින් යුතු සමාජ උපදේශකයන් විසූ අතර ඔවුන් විසින් සාධාරණ සමාජ නීති පද්ධතියක්‌ ගොඩනඟා තිබිණි. නිසි වයසට පෙර විවාහය සිදුනොවූ අතර වැන්දඹුවටද විවාහ වීමට අවස්‌ථාව ලැබිණි. මෙය දරුණු ලෙස නීතිරීතීන්ට යටත්ව පැවතියේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට නතු වීමෙන් පසුව විය. වැන්දඹුව විවාහ වන පුරුෂයා "දිධිෂු" නම් වන අතර දෙවනවරට විවාහවන වැන්දඹු පුරුෂයාගේ දෙවන බිරිය "පරපූර්වා" ලෙසින් හැඳින්වුණි. යම් කාන්තාවක්‌ දෙවන පුරුෂයා සමග විවාහවී ලබන පුතා "පෞනර්භව" ලෙසින් හැඳින්වීය. ක්‍රි. පූ. 700 ත් 200 ත් තරම් කාලය සලකනු ලබන්නේ "ධර්ම සූත්‍ර" අවධිය ලෙසිනි. මෙම ධර්ම සූත්‍ර රචිත කාලය ක්‍රි. පු. 500 න් ඈතට නොයතැයි මැක්‌ඩොනල්ඩ් පඬිතුමා පවසයි. මේ කාලය තුළද තරමක ලිහිල් පැවැත්මක්‌ කාන්තාව අරභයා වූයේ යෑයි කියෑවේ. පිරිමියාට යම් යම් වැරදි නිසා භාර්යාවන් එක්‌ අයකුට වඩා පාවා ගැණීම සඳහා පවතින ඉඩකඩද මෙකල නොවූ බව කියෑවේ. වඳ භාර්යාව වෙනුවට වෙනත් භාර්යාවක්‌ පාවාගැනීමේදී ඇගේ වඳ භාවය නිශ්චය කොට ගැන්ම සඳහා වසර පහක්‌ද, දියණියන් පමණක්‌ ලබන්නියට පුතකු ලැබීම සඳහා වසර 12 ක්‌ද, ලබන දරුවන් මැරෙන භාර්යාව අරභයා වසර 15 ක්‌ද කල් දීමේ පිළිවෙතක්‌ පැවති බව බෞද්ධායන ධර්ම සූත්‍රයේ සඳහන් වේ. එපමණක්‌ නොව කාන්තාව අරභයා වැරදි කළ අය වහා පන්නා හැරීමේ තීරණය අසාධාරණ හා අමානුෂීය දෙයක්‌ ලෙසින්ද සලකන ලදී. ආපස්‌ථම්භ ධර්ම සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට කලහකාරී, අපරාධකාරී, පාපිෂ්ඨ, හිතුවක්‌කාරී භාර්යාවන්ට සමාව දියයුතු බවත්, කාමයෙහි වරදවා හැසිරුණද දඬුවම් ලෙස "තපෝ ව්‍රතයට යටත්තොට ආපසු බාරගත යුතුයෑයිද දක්‌වා තිබේ. බුදුන් වහන්සේ පවසන ලද්දේ ද කාන්තාව බොළඳ හා ළාමක බැවින් පහසුවෙන් වැරදි මගෙහි යා හැකි බවයි. එබැවින් මුල් කාලවල කාන්තාවන් සසුනට ඇතුලත්කර ගැනීමද සිදු නොවූ බව පෙනේ. මින් පැහැදිලි වන්නේ විවිධ වකවානුවල කාන්තාව අරභයා පැවැති නීති රීතීන්හි ස්‌වභාවය වෙනස්‌වී ගිය බවකි. ස්‌මෘති යුගයත් සමග මනුස්‌මෘතිය වැනි කෘතිවලින් පෙන්වා දෙන ලද්දේ කාන්තාව දැඩිසේ නීති රීතිවලට යටත්කොට තැබිය යුතු බවයි. ඇයට වේදාධ්‍යයනය අනවශ්‍ය බවත්, ස්‌වාධීනත්වයක කාන්තාව නොතැබිය යුතු බවත්, ඇය ගෘහ සංවිධානය හා දේපළ රැකීමටත්, පමණක්‌ යොදා ගත යුතු බවත් මනු සඳහන් කරයි. ගෘහස්‌ථ ධර්ම ඊළඟ පරපුරට දායාද කරනුයේ ඇය විසිනි.

බුදුන්වහන්සේ විසින් කාන්තාව අරභයා අනුගමනය කළ මානුෂීය ක්‍රියා මාර්ගයන් තුළින් මාර්ග ඵලයනට පවා එළැඹීමට කාන්තාවනට හැකිවිය. ධම්ම පදට්‌ඨකථාව, මනෝරථ පුරණිය ආදියෙහි පැහැදිලි වන ආකාරයට පුතුන් ලැබීම වඩාත් වාසනාවන්ත දෙයක්‌ කොට සලකන ලද්දේ පරපුර ගෙනයැම අරභයාම නොව දියණියන් නිසිපරිදි හදා නොගතහොත් පරපුරේ දැලිගෑවෙන බැවිනි. කාන්තාව දුර්වලවූද, පහසුවෙන් වරදට හසුවන්නා වූද ළාමක සිතැත්තිය කැයි සම්මතයක්‌ සමාජයේ විය. ඉහළ පෙළේ රජ, සිටු, මැතිවරුන්ගේ පවුල්වල ගැහැණු දරුවන් දැසි දසුන් මධ්‍යයේ තබා හදා වඩාත් අපකීර්තියම විඳින්නට සිදුවු බව කියෑවෙන පුවත්වලින් ඒ බව පෙනේ. මේ නිසා බමුණන් ඇය පවු පිඬක්‌ සේ සලකා අවඥවෙන් බැහැර කරන ලදී. එපමණක්‌ නොව ඇය පිරිමින් උදෙසා පාරිභෝගික භාණ්‌ඩයක්‌ සේද, කෙළි බඩුවක්‌ සේද භාවිත කරන ලද්දේ විය. මෙය භාරතයේ සේම හැම රටකම ද විශේෂයෙන් ලංකාවේ මහනුවර යුගයේ ද පැහැදිලිව දක්‌නට ලැබිණි. ජාතක පොත විමසා බලන විට මේ බව වඩාත් පැහැදිලිව පෙනේ. කාන්තාව අඥාන, ළාමක, චපල, වංක, වංචනික චරිත ලක්‍ෂණවලින් පමණක්‌ ම යුතු තැනැත්තියක සේ බොහෝ ජාතක කතාවන්හි විස්‌තර කෙරේ. ඇය පිරිමියාට අභිමතයක්‌ කළ හැකි තත්ත්වයක පසු වූවාය. වෙස්‌සන්තර ජාතකයේදී මද්‍රීදේවිය සැමියා විසින් හිතුවක්‌කාර ලෙස වෘද්ධ, අජූව, අපුල, බමුණු මාල්ලෙකුට තෑගි කොට දීමෙන් එදා සමාජයේ කාන්තාව පිළිබඳ පැවැති තත්ත්වය පෙන්නුම් කෙරේ. සෑම රටකම රජු ඇතුළත්ව මැති ඇමැතිවරු සිය කාම පාශය සඳහා බහුල ලෙස කාන්තාවන් පරිහරණයට යොදා ගත්හ. ඇයට ආදරය, සෙනෙහස විඳින්නට නොලැබුණු තරම් විය. වියපත් රජුන් පවා සුරූපී ළඳුන්ගෙන් සිය අන්තඃපුර පුරවාගත් ආකාරය අපේ ඉතිහාසය පුරාවට ද දක්‌නට ලැබේ. මානවයා සතු මෙම කාම ලෝභය හුදෙක්‌ බලය මත පදනම්ව ම්ලේච්ඡ අවධියේ සිට පැවත ආ බවක්‌ සෑම සත්ත්ව සමාජයක්‌ම විමසීමෙහිදී වුව පෙනෙන සුලබ දෙයකි. සත්ත්ව කණ්‌ඩායමක පවා ක්‍රියාකාරී ලිංගික අයිතිය පවතිනුයේ බලවත් සත්ත්වයාට පමණක්‌ විය. මෙය මුල් සමාජවල බහුලව යොදාගත් අතර, ඊට යෝග්‍ය ලෙස සමාජ සම්මතයන් නිර්මාණය කර ගැනීමට ද ඔවුහුq සමත් වූහ.

ස්‌මෘති යුගය තුළ පැවැති දැඩි නීති තන්ත්‍ර යුගයන්හිදී ලිහිල් වූ අතර, බුද්ධ ශාසනයේදී ඇයට පිරිමියාට හා සමානව සම තැන ලැබිණි. එපමණක්‌ නොව පැවිදිව මාර්ගඵලයනට පත්වීමට ද හැකි විය. සමාජීය වශයෙන් පවුලෙහි බරපතල වගකීම් කොටස පැවරී ඇත්තේ කාන්තාවට බව බුදුන් වහන්සේ පහදා දුන්හ. ගෘහය තුළින් සමාජයට පිවිසෙන අනාගත පරපුර මවගෙන් ලද උරුමය රැගෙන තනනු ලබන ලෝකය වඩා යහපත් වීම සඳහා කාන්තාව නිදහස්‌ තැනැත්තියක විය යුතු බව පෙන්වා දෙන ලද්දේ බුදුන් වහන්සේ පමණි. එදා සමාජය කාන්තාව කොන්කර ගෘහයට සිරකර නොතබන ලද්දේ වී නම් අද සමාජය මීට වඩා යහපත් එකක්‌ බවට පත්වනු නොඅනුමානය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ආදිවාසී ජනයා - හැදින්වීමක්

E-mail Print PDF

නිර්වචනයේ හා හදුනාගැනීමේ ගැටලු

5000 කට අධික වෙනස් ජනවාර්ගික අනන්‍යතා සහිත, රටවල් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක දිවි ගෙවන මිලියන 350 කට අධික මානව ජීවීන් ප්‍රමාණයක් ආදිවාසීන්ට අයත් වෙයි. එසේ නමුත් විශ්වීය එකගතාවයක් සහිත නිර්වචනයක් ආදිවාසී ජනයා සම්බන්ධයෙන් දැකගත නොහැක. එසේ නමුත් ලෝක කම්කරු සංවිධානය සඳහන් කරන්නේ විශ්වීය මට්ටමේ නිර්වචනයක් අත්‍යාවශ්‍ය නොවන්නාසේම එවැන්නක් එතරම් ප්‍රිය උපදවන සුඵ නොවනු ඇති බවයි. මෙයට හේතුව කලාපීය හා ස්ථානීය මට්ටමේ වෙනස්කම් මෙම මානව ජීවීන් දරන බැවිණි. එහෙත් මෙම ආයතන තම නිර්වචන ගොඩ නගන්නේ ස්වකීය විෂයය ක්ෂේත්‍රයද සැලකිල්ලට ගෙන වන අතර, ඒ තුල සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක දිශානතිය අඩු තක්සේරු වේ. එසේම මෙම නිර්වචන ඉදිරිපත් කරන ආයතන ලෝක තලයේදී විවිධ දෘඩතර විවේචනයන්ට බදුන්වන ඒවා බවද යන්න නොතකා හල නොහැක.

ආදිවාසී ජනයා පිළිබඳ නිර්වචනයන්ගේ අවශ්‍යතාවය ආවේ මෙම ජනයා දෙසට ලෝක අවධානය වැඩි වශයෙන් යොමු වීමත්, පසුගිය තිස් වසර තුල රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය දේහයන් මෙම කණ්ඩායම පිළිබඳ අවධානය යොමු කිරීමත් තුලය. ‍මෙම අවධානය අමරිකාව කේන්ද්‍රිතව ඇරඹිණි. මේ මත වත්මනේ බොහෝ කණ්ඩායම් “ආදිවාසී මිනිසුන්ගේ සංවිධාන” තුලට ගොණු වෙමින් පවතී. චීනය හා ඉංදියාව වැනි කලාපයන් ආදිවාසී යන්න වෙනුවට ගෝත්‍රය හෝ සුලුජාතීන් ( "tribals" or "minority nationalities) යන්න යෙදීමට උත්සුක වෙයි. නවසීලන්තය, අමරිකාව, ඕස්ට්‍රේලියාව ආදී කැටගරිය ගතහොත් එහි ආදිවාසී සුලුතරයක් සිටින බව දැකිය හැක. නමුත් නෝර්වේ, පින්ලන්ත හා ස්වීඩන කලාපය එහි වෙසෙන “සාමි' වරුන්ද ආදිවාසීන් ලෙස සලකති. එහෙත් ඔවුන් අමරිකානු කලාපයේ ආදිවාසීන්ට අදාල තත්වයන්ට මුහුණ දුන් කණ්ඩායමක් නොවේ. සෝවියට් සංගමය “උතුරේ කුඩා ජාතීන් - small nations of the north”ආදිවාසීන් බවය (Sanders,1999). ආසියාවේ මලයාසියාව, පිළිපීනය, සිංගප්පූරුව, තායිවානය සහ ලංකාව ද ආදිවාසීන් ලෙස කොටසක් හැදින ගනිති.
ආදිවාසීන් සමඟම “ගෝත්‍රික”, “සුලුතර ජනයා”, “සංස්කෘතික සුලුතරය”, “පළමු මිනිසුන්”, “ඇබොරිජිනල්ස්”, “ආදිවාසී” “ජනජාති ආදී යෙදුම්ද යෙදෙන නමුත් මේවා අතර සහ සම්බන්ධය හෝ වෙනස්කම් පැහැදිලි නැත. එපමණක් නොව සිදුකරණ කාර්යයන් අනුව දඩයම හා ඵලවැල රැස්කරන්නන්, කදුකර මිනිසුන්, ජනවාර්ගික කණ්ඩායම්, ගැමියන් ආදී ලෙසද හැදින්වීම් කරයි. එසේම බොහෝ ආයතනික නිර්වචන වලදී අදාල පැහැදිලි කිරීම් සඳහා උත්සාහ ගෙනද නැත.

නිර්වචන

බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය Douglas Sanders (1999) ආදිවාසීන් නිර්වචනය කරන්නේ පහත අයුරිනි.
An indigenous people is a collectivity which has descent from the earliest surviving population in the part of the State where the people traditionally lived (whether still living in that area or, as a result of involuntary relocation, in another part of the State) and which has a distinct identity associated with its history.
මහාචාර්ය Benedict Kingsbury 1988 දී ප්‍රකාශයට පත් කෙරූ "Indigenous Peoples" in International Law: A Constructivist Approach to the Asian Controversy යන ලිපිය ඔස්සේ ආදිවාසීන් හදුනා ගැනීමට අත්‍යවශ්‍ය කලමනා කිහිපයක් පෙන්වා දුන්නේය.
  • වෙනස් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස ස්වයං-හැදිනගැනීම             
  • වෙන්වීමේ, අවතැන්වීමේ හෝ සූරාකෑමට බදුන් වීමේ ඓතිහාසික අත්දැකීම් පැවතීම             
  • භූගෝලීය කලාපය සමඟ දීර්ග කාලීන සබඳතා පැවතීම             
  • අනන්‍යතාව ඉදිරියටත් පවත්වාගැනීමේ අභිලාෂය

ආයතනික නිර්වචන / හදුනාගැනීම්

ආදිවාසීන් පිළිබඳව වඩා ප්‍රකට නිර්වචන ලෙස පවතින්නේ ආයතනික නිර්වචනයි. එහිදී ප්‍රධාන වශයෙන් දක්නට හැක්කේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක කම්කරු සංවිධානය හා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන විසින් සිදුකරන ලද නිර්වචනයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ - ආදිවාසී ජනගහනය පිළිබඳ ක්‍රියාකාරී සමූහය (Working Group on Indigenous Populations - WGIP) ආදිවාසීත්වය පිළිබඳ මූලික නිර්වචනයක් 1972 දී ඉදිරිපත් කලේය.
Indigenous populations are composed of the existing descendants of the peoples who inhabited the present territory of a country wholly or partially at the time when persons of a different culture or ethnic origin arrived there from other parts of the world, overcame them, by conquest, settlement or other means, reduced them to a non-dominant or colonial condition; who today live more in conformity with their particular social, economic and cultural customs and traditions than with the institutions of the country of which they now form part, under a state structure which incorporates mainly national, social and cultural characteristics of other segments of the population which are predominant.
මෙම නිර්වචනය තුල සීමාසහිතකම් පවතින බව හැගීගිය පසු ( විශේෂයෙන් පැවති නිර්වචනය මූලිකව යොදාගත හැකි වූයේ පූර්ව යටත් විජිත සමාජ අරබයා වන අතර, හුදකලා හා කුඩා කණ්ඩායම් බැහැරව පැවතිණි) සංවිධානය විසින් 1983 දී උක්ත නිර්වචනය පහත නිර්නායකද අන්තර්ගත කොට විශාලනය කරන ලදී;
  1. ඔවූහු වනස් සංස්කෘතික කණ්ඩායම් හෝ ජනවාර්ගික සම්භවයන් පැමිණීමට පෙර ජීවත්වූ, පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවතෙන කණුඩායම් වේ;
  2. ඔවුන් ආදිවාසීන්ට අදාල බොහෝ සමීප සිය මුතුන්මිත්තන්ගේ සිරිත් හා සම්ප්‍රදායන් නොඉදුල්ව රැකගනිමින් රටේ වෙනත් ජන කොටස් වලින් වෙනස්කම් පෙන්නුම් කරයි;
  3. ඔවුන්ගේ ඒවාට බාහිරව ඔවුන් රූපාත්මකව පමණක් ජාතික, සමාජ හා සංස්කෘතික ගතිලක්ෂණයන්ට අනුගතවූවන්;
1986 දී (E/CN.4/Sub.2/1986/7/Add.4. Para.381 ) වත් නිර්නායකයක් ලෙස “ ඕනෑම පුද්ගලයෙකු තමා සමූහයක් හෝ ප්‍රජාවක සාමාජිකයෙකු ලෙස පිලිගන්නේ නම් ඔහු ආදිවාසීයෙකු ලෙස සැලකේ” යන්නද එක් විය..

යුනෙස්කෝ සංවිධානය

යුනෙස්කෝව විසින් 2002 වසරේදී ප්‍රකාශිත පාරිභාෂික පද මාලාවක් තුල පහත නිර්වචන ලබා දී ඇත.
ආදිවාසී
A group, community or custom that is generally considered to belong to a certain region or country and which cannot be shown to have originated elsewhere.
ආදිවාසී ප්‍රජාව
A tightly knit social unit, whose members experience feelings of unity and solidarity and have traditionally lived in a specific region.
දේශීය ප්‍රජාව
A tightly knit social unit, whose members experience feelings of unity and solidarity and live in a specific region.
ආදිවාසී ජනයා
A group of people belonging to a certain country or region which is distinguished from other groups by language, customs and attitudes.
[Indigenous peoples / communities]
Indigenous communities, peoples and nations are those which, having a historical continuity with pre-invasion and pre-colonial societies that developed on their territories, consider themselves distinct from other sectors of the societies now prevailing in those territories, or parts of them. They form at present non-dominant sectors of society and are determined to preserve, develop, and transmit to future generations their ancestral territories, and their ethnic identity, as the basis of their continued existence as peoples, in accordance with their own cultural patterns, social institutions and legal systems.

ලෝක බැංකුවේ නිර්වචනය

ලෝක බැංකුව ආදිවාසීන් හදුනා ගන්නේ තම ක්‍රියාකාරීත්වය තුලය. ඔවුන් නිර්වචන තනනුයේ භාවිතාත්මක ක්‍රියාකාරිත්වයක් දෙසට යොමුවීම සඳහාය. මේ අනුව ලෝක බැංකුව ආදිවාසීන් දක්වන්නේ පහත අයුරිනි.
ප්‍රධාන සමාජ ධාරාවෙන් දුරස්තර වූ සමාජ හා සංස්කෘතික අනන්‍යතාවක් සහිත, සංවර්ධන ක්‍රියාවලිය තුලින් අවාසිසහගතත්වය හමුවේ අනතුරට බදුන් විය හැකි මිනිසුන්: ඔවුන් “ආදිවාසී මිනිසුන්”, “ආදිවාසී ජනවාර්ගික සුලුතරය”, “ගෝත්‍රික සමූහ”, “ලැයිස්තුගත ගෝත්‍ර” ලෙස හදුනාගත හැක. එක් තනි නිර්වචනයක් මෙම කණ්ඩායම් සම්බන්ධයෙන් උකහාගත නොහැක. මෙම කණ්ඩායම් සම්බන්ධ ස්ථාවරය නම්, “මෙම කණ්ඩායම් පහත ගතිලක්ෂණ ආශ්‍රයෙන් භූගෝලීයව හදුනාගැනීමයි:
  1. පෞරානික භූමියට හා ස්වාභාවික සම්පත් වලට ඇති සමීප සබඳතාවය
  2. වෙනස්වූ සංස්කෘතික කණ්ඩායමක් ලෙස ස්ව-අනන්‍යතාවක් හා වෙනත් අය විසින් අනන්‍යතාවයක් ලබාදීම.
  3. ජාතික භාෂාවෙන් වෙනස් ආදිවාසී බසක් කතා කිරීම
  4. චාරිත්‍රමය සමාජ හා දේශපාලන සංස්ථා පැවතීම
  5. ප්‍රාථමික යැපුම් මට්ටමමට දිශානත වූ නිශ්පාදනයක්”

ලෝක කම්කරු සංවිධානයේ නිර්වචනය / හදුනාගැනීම්

ලෝක කම්කරු සංවිධානයේ 169 වන සම්මුතිය (ILO Convention: 169) ඔස්සේ ආදිවාසී ජනයා හා ගෝත්‍රික ජනයා (indigenous and tribal peoples ) හදුනාගැනීම සිදුකර ඇත. එහිදී එම සම්මුතිය සඳහන්කරන්නේ තමන් ආදිවාසීන් හා ගෝත්‍රික මිනිසුන් කවරෙක්ද යන්න නිර්වචනයකට ගමන් නොකරන බවයි. මෙම ආයතනික හදුනාගැනීම යොමුවන්නේ භාවිතාත්මක ක්‍රියාකාරිත්වයක් දෙසටයි.
මේ අනුව ලෝක කම්කරු සංවිධානය ගෝත්‍රික මිනිසුන්ගේ මූලිකාංග ලෙස;
      • සම්ප්‍රදායික ජීවන විලාසය
      • ජාතික තලයේ සංවිධානිත ජනයාගෙන් සංස්කෘතියෙන් හා ජීවන දිශානතියෙන් වෙනස්වීම
      • ඔවුන්ටම අනන්‍ය සමාජ සංවිධානයක්, චාරිත්‍ර හා නීතීන් පැවතීම
යන කාරණා දක්වන අතර, ආදිවාසී ජනයාගේ මූලිකාංග ලෙස:
      • සම්ප්‍රදායික ජීවන විලාසය
      • ජාතික තලයේ සංවිධානිත ජනයාගෙන් සංස්කෘතියෙන් හා ජීවන දිශානතියෙන් වෙනස්වීම
      • ඔවුන්ගේම වන සමාජ සංවිධානයක් හා දේශපාලන සංස්ථාවන් පැවතීම
      • අදාල ප්‍රදේශයේ ‍ දිවිගෙවීම පිළිබඳව ඓතිහාසික අඛන්ඩතාවයක් පවත්වා ගැනීම, හෝ ආක්‍රමණිකයන් පැමිණීමට පෙර ප්‍රදේශයේ ජීවත්වීම.

ආසියානු සංවර්ධන බැංකුවේ නිර්වචනය

ආසියානු සංවර්ධන බැංකුවේ ආදිවාසීන් පිළිබඳ නිර්වචනයේ පූර්විකාවේ සඳහන් කරන්නේ ආදිවාසීන් පිළිබඳ විශ්වීය නිර්වචනයක් නොමැති බවත් බැංකු මෙහෙයුම් සඳහා තම සංවිධානයේ වැඩකටයුතු යොමුවුණු කලාපයේ ගතිලක්ෂණ ද සලකා, “ක්‍රියාකාරී නිර්වචනයක්” ඔවුන් විසින් ගොඩනගා ඇත.
ආදිවාසී මිනිසුන් නිර්වචනයේ ආරම්භක ලක්ෂය වන්නේ ඔවුන් පෙන්නුම් කරන මූලික ගති ලක්ෂණ සලකා බැලීමයි. වැදගත්ම ගතිලක්ෂණ වනු ඇත්තේ (i) නූතන රාජ්‍යයන් හෝ ප්‍රදේශයන් බිහිවීමට බොහෝ ප්‍රථම සහ නූතන සීමාවන් නිර්වචනයට පෙර නූතනයේ එම ප්‍රදේශයේ වෙසෙන කණ්ඩායම් යම් අවරෝහනයකින් පැවතෙන්නන් වීම(ii) සමාජ හා සංස්කෘතික අනන්‍යතාවන් නඩත්තු කිරීම, සහ මුඛ්‍යධාරාවේ හෝ අධිපති සමාජ, ආර්ථික, සංස්කෘතික, සහ දේශපාලන සංස්ථාවන්ගෙන් වෙන්වීම.
මෙයට අමතරව, අතිරේක ගතිලක්ෂණ ද ආදිවාසීන් විස්තර කිරීමට භාවිතා වේ (i) ආදිවාසී සංස්කෘතික කණ්ඩායමක් ලෙස ස්වයං-හදුනාගැනීම හා අනෙක් අය විසින් හදුනා ගැනීම සහ සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමේ අපේක්ෂාව දිස්වීම (ii) අධිපති සමාජයෙන් වෙනස්වූ වාග් අනන්‍යතාව (iii) සමාජ, සංස්කෘතික හා දේශපාලන සම්ප්‍රදාය සහ සංස්ථාවන් අධිපති සංස්කෘතියෙන් වෙනස්වීම (iv) ආර්ථික ක්‍රමය මුක්‍යධාරාවට වඩා නිශ්පාදනයේ සම්ප්‍රදායික ක්‍රමයට ආසන්න (v) සම්ප්‍රදායික ජන්මභූමියට හා මුතුන්මිත්තන්ගේ භූමියට හා ඒවායේ ස්වාභාවික සම්පත් වලට විශිෂ්ඨ ලෙස බැදී සිටීම.

තෝරාගත් ආදිවාසී කණ්ඩායම් කිහිපයක්

ව්‍යාප්තිය

5000 කට අධික වෙනස් ජනවාර්ගික අනන්‍යතා සහිත, රටවල් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක දිවි ගෙවන මිලියන 350 කට අධික මානව ජීවීන් ප්‍රමාණයක් ආදිවාසීන්ට අයත් වෙයි. එසේ නමුත් විශ්වීය එකගතාවයක් සහිත නිර්වචනයක් ආදිවාසී ජනයා සම්බන්ධයෙන් දැකගත නොහැක. එසේ නමුත් ලෝක කම්කරු සංවිධානය සඳහන් කරන්නේ විශ්වීය මට්ටමේ නිර්වචනයක් අත්‍යාවශ්‍ය නොවන්නාසේම එවැන්නක් එතරම් ප්‍රිය උපදවන සුඵ නොවනු ඇති බවයි. මෙයට හේතුව කලාපීය හා ස්ථානීය මට්ටමේ වෙනස්කම් මෙම මානව ජීවීන් දරන බැවිණි. එහෙත් මෙම ආයතන තම නිර්වචන ගොඩ නගන්නේ ස්වකීය විෂයය ක්ෂේත්‍රයද සැලකිල්ලට ගෙන වන අතර, ඒ තුල මෙම නිර්වචන වල බොහෝ සීමාසහිතකම් හැදින ගත හැකි වනු ඇත.

ජීවන විලාසය

මානව පරිනාමයේ සංස්කෘතික පරිනාමය පිළිබඳ සිදුකරනු ලබන හදුනාගැනීම් සඳහා පුරා විද්‍යාත්මක සාධක සේම වැදගත් වී ඇත්තේ ආදිවාසී ජනයා අධ්‍යයනයයි. ආදිවාසීහු මානව පරිනාමය තුල පසුකල ජීවන විලාසයන් සියල්ල අදද විවිධ මට්ටටමින් බාවිතා කරති. මේ අනුව ආදිවාසීන් සම්බන්ධ වෙනස් ජීවන විලාසයන් ත්‍රිත්වයක් දැකගත හැක.

දඩයම හා ඵලවැල රැස්කරන්නන්

මානවයාගේ පලමු ජීවන විලාසයයි. වන සතුන්, මසුන් හා කරුල්ලන් දඩයම් කරන අතර පළතුරු, අල වර්ග ආදිය වනයෙන් එකතුකර ගනී.

එඩේරුන්

සංචාරක හෝ අර්ධ සංචාරක දිවි පෙවතක් ගත කරන අතර බොහෝ අප්‍රිකානු ආදිවාසීන් මේ ගණයට අයත්වේ. මී හරකුන්ගේ සිට පිනි මුවන් දක්වා මේ යටතේ රැක බලා ගැනීම සිදුවේ. මලයාසියානු Penan, කෙන්යාවේ Ogiek හා බොහෝ ඇමසන්වාසීන් මේ ගණයට අයත් වේ.

සංචාරක ගොවිතැන

පොහොර භාවිතයෙන් තොරව කෙරෙන මෙම ගොවිතැන එක් තැනක දිගු කලයක් සිදුකල නොහැකි නිසා මෙවැනි ජන කොටස් සංචාරක ගතිලක්ෂණ දක්වයි. බොහෝ විට හේන් වගාව සමඟ සත්තව පාලනයද මිශ්‍රව සිදු කරනු දැකිය හැක.

ගොවීන්

පවුලේ අවශ්‍යතාවයට අනුව ගොවිතැනේ යෙදෙන්නන් වන අතර පොහොර භාවිතයද සිදුකරයි. සමහර විටෙක අතිරික්තයක් නිපදවන අතර ඒවා පවුලේ අනෙක් අවශ්‍යතා වලට හුවමාරු කෙරේ.

ජීව විද්‍යාත්මක හා සංස්කෘතික විවිධත්වය හා සම්ප්‍රදායික දැණුම

බොහෝ ආදිවාසීන් භූමිය සලකන්නේ ජීවිතය හැටියටය. ඔවුන් ස්වාභාවිකත්වය සමඟ තදින් බද්ධවී දිවි ගෙවති. එය ඔවුන්ගේ දෛනික ආහාරය සඳහා පමණක් දායක වන්නක් නොව, ඔවුන්ගේ ජීවිතයේ සමස්තය සඳහා දායක වන්නක් වේ. ඔව්නගේ භූමිකාව හා පාරිසරික දැණුම පෘතෘවි පරිසරයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ද දායක වේ. ලෝක වනජීවී අරමුදල (World Wildlife Fund – WWF)වෙනුවෙන් Gonzalo Oviedo විසින් දක්වන්නේ 200 ක් වන ලෝක පාරිසරික කලාප (ජෛව විවිධත්වය අධිකම ප්‍රදේශ ලෙස හදුනාගත් කලාප) තුල එක් හෝ වැඩි ආදිවාසීන් පිරිසක් පදිංචි වී සිටිති. පරිසරය කලමනාකරණය කිරීමේ ඔවුන්ගේ දීර්ඝ ඉතිහාසය තුල, ඔවුන් පුලුල් පාරිසරික දැණුමක් සම්පාදනය කරගෙන ඇත. ඒ අතරට සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මෙන්ම සෞඛ්‍ය ක්‍රමද ඇතුලත් වේ.

සංවිධාන ව්‍යුහය හා නෛතික ක්‍රමය

ආදිවාසී ප්‍රජාවට ඔවුන්ටම අනන්‍ය වූ සංවිධාන ව්‍යුහයක්ද, සම්ප්‍රදායික නෛතික ක්‍රමයක්ද ඇත. එය නූතනයේ ප්‍රධාන ධාරාව වන බටහිර ධාරාවට ප්‍රතිමුඛ ධාරාවකි. තවමත් බොහෝ ආදිවාසීන් මෙම සම්ප්‍රදායන් තුල සිටින නමුත් ප්‍රමුඛ ධාරාවේ පීඩනය පෙරදිනට වඩා වැඩියෙන් ඔවුන් වෙත පැමිණෙයි. පිලිපීනයේ Mindanao මිනිසුන් මෙයට උදාහරණ වන අතර, ඔවුන් තුල තම සම්ප්‍රදායන් පිළිබඳ පිබිදීමක් ඇත.සමහර රටවල, උදාහරණ ලෙස ඉතියෝපියාවේ හා කොලොම්බියාවේ සම්ප්‍රදායික නීතියද, ජාතික නෛතික ක්‍රමය හා සමාන්තරව ගමන් කරයි.

සාමූහිකත්වය

බොහෝ ආදිවාසී සමාජ පදනම් වන්නේ සාමූහිකත්වය තුලය. නූතන අතිරිකිතය පිළිබඳ අදහස ඔවුන් වෙත දැඩිව අන්තර්ග්‍රහනය නොවීම මෙයට පදනම් වේ. බොහෝ විට භූමිය ප්‍රජාවේ පොදු දේපලක් ලෙස භාවිතා කෙරේ. වත්මන් ලෝකයේ පවතින පෞද්ගලික නව-ලිබරල් වෙළදපොළ න්‍යායන් සම්ප්‍රදායික ආහාර නිශ්පාදන මාර්ග සඳහා හිතකර නොවේ.

Dayak පර්යාලෝකනය

Dayak නූතන අගයන් හා ආදිවාසීන්ගේ අගය කිරීම් අතර වෙනස්කම් දක්වයි.
      • තිරසාරත්වය (ජෛවවිවිධත්වය) එරෙහිව ඵලදායීතාව ( තනිවගාව)
      • සාමූහිකත්වය (සහයෝගය) එරෙහිව පුද්ගලිකත්වය (තරගය)
      • ස්වාභාවිකත්වය (කාබනික) එරෙහිව ඉංජිනේරුමය (අකාබනික)
      • අධ්‍යාත්මිකතාව (අභිචාරමය) එරෙහිව තාර්කිකත්වය (විද්‍යාත්මක)
      • ක්‍රියාවලිය (සඵලත්වය) එරෙහිව ප්‍රතිඵලය (කාර්යක්ෂමතාව)
      • යැපුම් මට්ටම (ගෘහස්ථනය) එරෙහිව වානිජත්වය (වෙළද පොළ)
      • සම්ප්‍රදායික නීතිය (දේශීයත්වය) එරෙහිව රාජ්‍ය නීතිය (ගෝලීය)

ආදිවාසී කණ්ඩායම් කිහිපයක් පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක්

මෙම මාතෘකාව යටතේ අප විසින් ලෝකයේ විවිධ කලාප තුල වෙසෙන ආදිවාසීන් පිළිබඳ ඉතා සංක්ෂිප්ත හැදින්වීමක් හා ඉන් එක් කණ්ඩායමක් පිළිබඳව සංක්ෂිප්ත විස්තරයක් දැක්වීමට අදහස් කරන අතර එය ආදිවාසීන් හා ඔවුන්ගේ ව්‍යාප්තියත්, ඔවුන්ගේ විවධත්වය පිළිබඳ සංසන්දනාත්මක දැණුමකටත් ගමන් කිරීම එම විස්තරකථනයේ අරමුණයි.

වැදි ජනයා - ආසියානු කලාපය

ලොව වැඩිම ආදිවාසී ජනගහනයක් සංකේන්ද්‍රත වන්නේ ආසියානු කලාපයේය. උදාහරණ ලෙස ඉංදියාව ගතහොත් එය ආදිවාසීන් පිළිබඳ විශාල විවධත්වයක් දක්වයි. අසියාවේ විවිධ ප්‍රදේශවල ඉතා විශාල ප්‍රමාණයක් ආවාසීන් හදුනාගත හැකි අතර, විකිපීඩියා විශ්ව කෝෂයේList of indigenous peoples (http://en.wikipedia.org/wiki/Indigenous_peoples_of_Asia#Asia) පිටුව අධ්‍යයනය කල විට ඒ බව වටහා ගත හැක.

අප මේ අතරින් ලංකාවේ වැදි ජනයා පිළිබඳ හදුනා ගැනීමක් කරමු. වැදි ජනයා යනු ලංකාවේ වෙසෙන ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායමයි.වර්ථමානයේ සංඛ්‍යාත්මකව කුඩාතර වන ජනගහනයක් මගින් ඔවුන් නියෝජනය කරයි. ලංකාවේ වෙසෙන අන් ජනයා සමඟ ජානමය අඛන්ඩතාවක්ද වැදි ජනයා මගින් නියෝජනය වනු සමහර පර්යේෂකයන් පෙන්වා දී ඇත. එසේම බලංගොඩ මානවයා හා මෙම ජනයා අඛන්ඩතාවක් නියෝජනය කරන බවටද මත පලවේ. මහාවංශය වැද්දා විස්තර කරන්නේ වැදි රජු ලෙසිනි. මෙමගින් දක්වන්නේ වැද්දන්ට මෙරට සමාජය තුල ඉහල පිලිගැනීමක් පැවති බවය. එසේම මහා වංශය සිංහල ජනයාගේ උපත ලෙස දක්වන කුවේනි කතා පුවත තුල දැක්වෙන කුවේනිය වැදි ස්ත්‍රියක් බව සමහර නිරීක්ෂකයන්ගේ ආකල්පයයි.
රොබර්ට් නොක්ස් පවසන්නේ වැද්දන් මහනුවර යුගය තුල හොද පිළිගැනීමට ලක්වූ බවත් රජුගේ හමුදාව තුල වැදගත් තත්වයක් අතකර ගත් බවත්ය. එසේම සමාජීය ධූරාවලි මට්ටමේදී ඉහල කුලයක් සම මට්ටමින් වැද්ද්න් සලකනු ලැබිණි. සබරගමුව දිස්ත්‍රික්කය වැද්දන් දිවි ගෙවූ පළාතක් වූ බව නන්දදේව විජේසේකර පවසයි. සබරා යනු වැද්දට යෙදී ඇති පදයකි. නමුත් නූතනයේදී සබරගමුව තුල වැද්දන් ජීවත් නොවේ. එහෙත් බලංගොඩ මානවයා හමුවී ඇත්තේ ද සබරගමුව තුලිනි.
සිංහල බසට ආසන්න බසක් වහරන වැදි ජනයා දිවයිනේ දකුණු කොටසින් හමුවන විට නැගෙනහිර වෙරළ බඩ වැද්දන් දමිළ බස වහරති.ඔවුන් වැඩිපුරම වවුනියාව ත්‍රිකුණාමළය ආශ්‍රිතව ජීවත්වෙති. වැදි ජනයා බුදු දහම හා ප්‍රණ වාදී භක්තිය මිශ්‍ර ලෙස භාවිතා කරයි. නැගෙනහිර වෙරළබඩ වැද්දන් ප්‍රාණවාදී භක්තිය හා හින්දු සමය මිශ්‍ර ලෙස භාවිතා කරති. වැද්දන්ගේ ප්‍රභවය පිළිබඳ විශේෂිත පුරාවෘත්තයකට අනුව ඔවුන් හදුන්වන්නේ යක්ක ලෙසය මේ අනුව සිංහල බස කතා කරන වැද්දන් කන්දෙ යක්කු ලෙස හදුන්වයි. මෙම පුරාවෘත්තය ඔවුන් මුල් කාලීනව යක්ෂයන් ඇදහු බවට සාධකයකි. කතරගම දෙවියන් විවාහ කරගත් වල්ලි අම්මා වැදි කතක් බවටද ලාංකිකයන් තුල අදහසක් ඇත.
වැද්දන්ගේ විවාහය ඉතා සරල සම්බන්ධතාවයකි. වැද්දන්ගේ කාන්තාවන්ට පිරිමින්ට සමානව සැලකුම් දැක්වීමක් දැකිය හැකිය. සාමාන්‍ය තත්වයක් යටතේ සිය සැමියා මියගිය විට වැදි වැන්දඹුවකට ඔහුගේ (සැමියාගේ) සොහොයුරා විවාහ කර ගැනීමේ අවස්ථාව හිමිවේ. එසේම මරණය තුලදීද සිදුකරන වත් පිළිවෙත් ඉතා සරල හා චාම් වේ. වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඔවුන් තුල අවම වන අතර ඒවා ඉතා ප්‍රාථමික ආකාරයක් ගනී. වැද්දන්ගේ ප්‍රධාන සංස්කෘතිකාංගයක් වන්නේ කිරි කොහොඔ පූජාකර්මයයි. වැද්දන්ගේ ගල් ගුහා තුල කල ඇදීම් බොහෝ විට වැදි කාන්තාවන් විසින් ඇදි ඒවා බවට පර්යේෂකයෝ මත පල කරන්නේ මෙම කාන්තාවන් තම ස්වාමිපුරුෂයින් දඩයමේ ගොස් එනතෙක් දිගු කාලයක් ගෙවා දමන්නියන් වන බැවිණි. මෙවැනි සිතුවම් හමන්ගල වැනි ප්‍රදේශවලින් හමුවී ඇත.
වැද්දන් නියම වශයෙන් දඩයමෙන් හා පලවැල රැස්කරමින් දිවිගෙවූ ප්‍රජාවකි. ඔවූහු දුන්න හා ඊතලය දඩයම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරති. වත්මනේ බොහෝ වැද්දන් වගා කටයුතු ද සිදුකරති. එය හේන් වගාව මත ප්‍රධානව පදනම් වේ. ප්‍රධාන බෝගයක් වන්නේ කුරක්කන්ය. නැගෙනහිර වෙරළ බඩ වැද්දන් ධීවර කර්මාන්තයේද යෙදෙති. වැද්දන් සාරවත් මාංශමය ආහාරයන් සඳහා ප්‍රකටය. මුවමස් සහ වල් හා මස් මෙවායින් ප්‍රකට ඒවාය. එසේම ඉදිබුවන්, කැස්බෑවුන් (මුහුදු වැද්දන්), තලගොයා ද මේ අතරට වැටේ. වැදි ජනයා සතුන් මරන්නේ ආහාරය සඳහා පමණය. වෙනත් කටයුතු සඳහා සතුන් නොමරන අතර ගර්භණී සතුන් හා පැටවුන් මැරීම සිදු නොකරයි. දඩමස් පවුල තුල හා කණ්ඩායම තුල බෙදා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මසුන් මැරීමේදී මසුන්ට විශ, පුස් වැල් හා දලුක්කිරි ඒ සදහා ඔවුන් යොදා ගනී. ගෝණ මස් හා මුව මස් වේලා කරවල ලෙස භාවිතයද වැද්දන්ගේ සම්ප්‍රදායකි. වැද්දන්ගේ තවත් වැදගත් ආහාරයක් මෙන්ම ආහාර කල් තබා ගන්නා ආකෘතියක් වන්නේ මී පැණිය. දුර්ලභ කාල වල දී භාවිතයට ආහාර රැස්කර තබා ගැනීමද මොවුන්ගේ සම්ප්‍රදායකි. අල වර්ග, පළතුරු, පැණි මේ ආකාරයට රැස්කර තබා ගනිති. පැරණි යුගවලදී වැද්දන් ගල්ගුහා වාසස්ථාන ලෙස යොදාගෙන ඇදි. වැදි බස සිංහල බසට සමීප ඥාතීත්වයක් දක්වයි. එය වනය සහ ඔවුන්ගේ ජීවන විලාසය සමඟ සබදතාවක් දක්වයි. මුහුදු වැද්දන් දෙමළ බස වහරයි.

බුෂ්මන් වරු - අප්‍රිකානු කලාපය

අප්‍රිකානු කලාපය තුල පුලුල් විවධත්වයක් සහිත ආදිවාසීන් රැසක් සංකේන්ද්‍රිතය. ත්වත් අතකින් කියනවා නම් ලොව ආදිවාසීන්ගේ සියලුම ආකාරයේ විවධත්වයන් අප්‍රිකාණු කලාපයේදී අත් විදිය හැක.
මේ අතරින් අප සලකා බැලීමට යන්නේ බුෂ්මන් වරුන් පිළිබඳවයි. බුෂ්මන් වරු (හෙවත් සන්) මානව විද්‍යාව මෙන්ම ජානවිද්‍යාව සඳහාද දැණුම් සම්භාරයක් සම්පාදනය කරති. ඔවුන් ආහාර එක්රැස්කරන ජීවන විලාසයක් අනුගමනය කරන ජනකොටසකි. දකුණු අප්‍රිකාණු කලාපයේ දඩයම හා ඵලවැල රැස්කරන ජනයා ලෙස මොවුන් හැදිනගත හැක.
බුෂ්මන් වරු කුඩා සංක්‍රමණික කණ්ඩායම් ලෙස දිවි ගෙවති. දරුවන් වෙත සමාජීය කෘත්‍යයක් යොමු නොකරන බුෂ්මන් වරු සල්ලාපයට,සංගීතයට හා නර්තනයට වැඩි ඉඩ කඩක් ලබා දී ඇත. කාන්තාවන් ඉහල මට්ටමේ සමාජ ත්තවයකට හිමිකම් කියන අතර තීරණ ගැනීමේ හා වංශයේ උරුමයන්ට හිමිකම් කියති. කාන්තාවන් ආහාර රැස් කිරීමට ප්‍රධාන වශයෙන් යොමු වන අතර දඩයමටද යම් මට්ටමකින් සහභාගි වෙයි. කාන්තාවන් පළතුරු, බෙරි, පැස්බර බිත්තර ආදී දෑ එක්රැස් කරයි. මෙම ජනයාගේ ඉතා වැදගත් සම්පතක් වන්නේ ජලයයි. ඔවුන්ගේ අඩු මේද සහිත ආහාර රටාව තුල කාන්තාවන් මල්වර වීම සඳහා වැඩි කාලයක් ගතවේ. සම්ප්‍රදායිකව සන් මිනිසුන් සමානාත්මතා සමාජයකි. එසේමුත් ඔවුන්ට ස්ථාරායිත ප්‍රධානියෙක් සිටියි. සන් ආර්ථිකය ප්‍රධානව භාන්ඩ හුවමාරු ක්‍රමයකි. වියලි කලාපීය ස්ථාවර ජල මූලාශ්‍ර වටා මිනිසුන් රාශිභූත වී සිටී. වියලි සමයේ දී ආහාර පිළිබඳ ගැටලුවලට මොවුන් මුහුණ දෙයි. බුෂ්මන් වරු තනකොල පෙත්තන්ද ඇතුලු 18-104 ක් අතර විශේෂයන් ආහාරයට ගනියි. බුෂ්මන්වරු සම්ප්‍රදායිකව දඩයම් කරන්නේ විස පෙවූ ඊතල හා හෙල්ල භාවිතයෙනි. 1990 ගනන්වලදී මෙම ජනයාගෙන් කොටසක් පශු පාලනය දෙසට යොමු විය. එය රාජ්‍ය මැදිහත්වීමක් තුල කෙරුණු නවීකරණ ව්‍යාපෘතියක් විය.

ලැප්ස් හෙවත් සාමි ජනයා - යුරෝපය

යුරෝපය තුල දිවි ගෙවන්නන් අතරින් ආදිවාසීන් ලෙස සැලකෙන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. මෙයට හේතුව ආදිවාසීන් සම්බන්ධ නිර්නායක වලදී කාරමික හා පශ්චාත් කාර්මික සමාජ ක්‍රම මතට හැඩ ගැසී ඇති ජනයා පිළිබඳව සලකා නොබලන බැවිනි. ඒ අනුව යුරෝපය තුල Basque (උතුරු ස්පාඥ්ඥය හා දකුණු දිග ප්‍රංශය), Finno-Ugric මිනිසුන්, Komi, Mordvins, Samoyedic මිනිසුන් (රැසියාව),සාමි වරුන් (උතුරුදිග යුරෝපය) යන කණ්ඩායම් දිවි ගෙවයි.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS


නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි.


1886 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුළු වාර්තාවක් The Nittaewo of Ceylon – The Taprobanian,1886 නමින් ඉදිරිපත් කරයි.


මෙම ජන කොටසේ අනන්‍යතාව පිළිබඳව තියුණු මතභේදයන් පවතී. මෙහිදී ඇතැමුන් විශ්වාස කරනුයේ නිත්තෑවෝ වනාහී නෙග්රිටෝවරුන්ගේ අවශේෂව ගිය ගෝත‍්‍රයක් බවටය. එසේ ම අනෙකුත් අයවලූන් කියා සිටිනුයේ නිත්තෑවන් වූකලී වානර මානවයෙකු බවයි. එතකදු වුවත් ඇතැම්හු මෙම නිත්තෑවුන් 'රාහු වලසා' යනුවෙන් හඳුන්වනු ලැබු වලසකුට සමාන සදහටම වඳවී ගිය විශේෂයක් ලෙසින් සලකති.


නිත්තෑවුන් වනාහි යාල නැගෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප‍්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව කියනු ලැබේ.


මින් වසර 250කට පමණ පෙර වැද්දන් විසින් මුන් සහමුලින්ම ඝාතනය කොට ඉවත් කරනු ලැබු බව විශ්වාස කෙරෙයි. වැද්දන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරනුයේ, “නිත්තෑවෝ වනාහී ක‍්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිත වූ සහ ලේනම ආශි‍්‍රතව කුඩා ප‍්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.


ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොල අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ඔවුහු ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුනේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනා කරුවන්ගෙන් ඇතමුන් භාවිතා කළ තෙලිඟු බසටය.


තම සීමාව ආක‍්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දෙන නිසා සෑම වැද්දකුම දඩයමට හෝ පැණි එකතු කිරීමට නිත්තෑවන්ගේ සීමාවට ඇතුල්වීමට බිය වූහ.


හියූ නෙවිල් හට මෙම තොරතුරු සැපයීමට ඉදිරිපත් වූවන්ගේ මුතුන් මිත්තන් විසින් නිත්තෑවුන් සමඟ සටන් කොට අවසානයේදී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැණුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලූවා වනසා දැමු බව පවසා ඇත. ඉන් අනතුරුව, නිත්තෑවුන් වඳව ගිය අතර ඔවුන්ගේ දඩයම් බිම් වැද්දන් විසින් අත්පත් කර ගන්නා ලදී.


ෆ්‍රෙඞ්රික් ලූවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප‍්‍රකාශනයේ නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ව කළ ගවේශණයක සටහන් ඇසුරින් වැදි සිරිත් විරිත් පිළිබඳව වාර්තා කරමින් කියා සිටිනුයේ, නිත්තෑවන් වනාහි අඩි තුනක් පමණ උස ජන කොටසක් බවයි. ඔවුන්ගේ ස්තී‍්‍රන් පිරිමින්ට වඩා උසින් අඩු වූහ. ඔවුන් සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගිය, වලිග රහිත හා සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවු ජන කොටසක් ලෙසින් ජීවත්ව ඇත. ඔවුන්ගේ බාහු කෙටි වූ අතර ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණි. ඔවුන් ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශි‍්‍රතව දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි. ඔවුන් 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත ව තිබු රංචු තුළ ජීවත් වූ අතර ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුනි.


නිත්තෑවන් ජීවත් වූයේ ඊට පරම්පරා දෙකකට පෙර වූ අතර, නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යාමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ජීවත්ව සිටින්නට ඇත.


නිත්තෑවුන් පිළිබඳව වන මෙම පුරාවෘත්තය විස්තර කිරිමෙහිලා න්‍යායයන් බොහොමයක් ගෙනහැර දක්වා ඇත. නිදසුනක් ලෙසින් හියු නෙවිල් විශ්වාස කරනුයේ මෙකී ජනවර්ගය රැහෙන් පන්නනු ලැබු, වහලකු හට පවා ස්පර්ශ කිරීමට හෝ සිත් නොදෙන අතිශය අපිරිසිදු, නීච ජන වර්ගයක් වන කොචින්හි නියදිවරුන් හට යම් නෑ සබඳතාවයක් දක්වන බවටය. නි


යදිවරුන්ව විස්තර වනුයේ කුඩා රංචු වශයෙන් නිදැල්ලේ ඇවිදින හා රූස්ස ගස් මත තැනු තුරුලූ කැදලි හෝ පැස් බඳු නිවාස තුළ ජීවත් වන ජන කොටස් වශයෙනි. ඔවුන් ඉබ්බන් හා කිඹුලන් ආහාරයට ගෙන ඇති අතර වසරකට වරක් කුකුලකු බිලි පූජාවට ලක් කර දේවතාවියකට වැඳුම් පිඳුම් කළ බවද සඳහන්ය.


නිත්තෑවුන්ගේ ආහාර පරිභෝජන රටාව, වෘක්‍ෂ මත ඔවුන් ගත කරන ජීවිතය හා ඉබාගාතේ යන ජීවන රටාව මුලික වශයෙන් සලකා බලා නිත්තෑවුන්ව නියදිවරුන් සමඟින් සම්බන්ධ කිරීමට නෙවිල් කරුණු ඉදිරිපත් කළේය. ඔවුන්ගේ සම්භවයට අනුකූලව ඔහු විසින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවුන් වනාහි විනාශයෙන් හෝ සංක‍්‍රමණයෙන් පසු ඉතිරි වූ සිංහල ලම්බකර්ණ වංශිකයන්ගෙන් පැවතෙන්නන් බවයි. කෙසේ වෙතත්, නෙවිල්ගේ මෙම කල්පිතය වඩාත් විතර්කීය වන බැවින් එය ශාස්තී‍්‍රය ගුරුකුලයන් තුළ එතරම්ම පිළිගැනීමකට ලක් ව නොමැත.


මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යායය 1945 දී පළ කළ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටළුවක්’ ලෙසින් ඉදිරිපත් කර ඇත. එහිදී එම න්‍යාය මගින් ඔහු සාකච්ජා කරනුයේ නිත්තෑවුන් වනාහි ජාවා මිනිසා හෝ පිතෙකැන්ත්‍රෝපස් මානවයාගෙන් වෙන්වු වෙනත් ජීවි විශේෂයක් බවය. ඔහු විශ්වාස කරනුයේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනිකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවටය. කපිතාන් F. T. රඹුක්වැල්ල, ‘නිත්තෑවෝ – ලංකාවේ පුරාවෘත්තමය පිග්මිවරු,’ මැයෙන් යුතුව 1963 දී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ පුවත් කලඹෙහි ලිපියක් පළ කරමින් මෙම වානර – මානව න්‍යාය ශක්තිමත් කරයි.


නිත්තෑවන් වනාහි දකුණු අෆි‍්‍රකාවේදී ශේෂයන් හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ඔස්ට‍්‍රලෝපිතකස් මානව විශේෂයට අයත් ජීවි විශේෂයක් බවට ඔහු විශ්වාස කරයි.


මෙම මානව විශේෂය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙනුයේ සිරුරින් කුඩා, මිනිස් වානරයන්ගේ පෙනුමැති, සෘජු කය විලාසයකට හිමි කම් කියන, දෙපා සංචරණයට හුරු වුවන් ලෙසිනි.


ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි පලා මිදුළු අනුභව කරන, සතුරා පසු පස එලවීමේදී තියුණු හා විනාශකාරී ආයුධ දරන වානරයකු ලෙසට ය.


ඔවුන්ගේ මාංශ ආහාර සඳහා ඉබ්බන්, කටුස්සන්, කකුළුවන් හා කුරුලූ බිත්තර නිබඳව යොදා ගෙන තිබුණි. මේ අනුව කපිතාන් රඹුක්වැල්ල කියා සිටිනුයේ, “එවකට ආසියාව සහ අෆ‍්‍රිකාව පුරා සැරිසැරූ මෙම මානව වානරයන් මුල් මානවයා සමග සමාන්තරව, සුරැකුම සඳහා තරග වදිමින් පරිණාමය වූ බවයි. මෙම තරගයේදී පලවා හරින ලද ඔවුහු මහාද්වීපයේ පරිවාර ප‍්‍රදේශවලට තල්ලූ වී ගියහ.”


මෙකී ඔස්ටෙ‍්‍රලෝපිතකස් මානවයන්ට ඥති සබඳතා දක්වන වෙනත් උප මානව වානර විශේෂ ඉන්දීය උප මහාද්වීපයේ ගැවසෙමින් සිටි අතර මුල් ප්ලයිස්ටෝසීන යුගයේදී පැවැත්ම සඳහා පරිසරය සමග සිදු කළ අරගළයේදී තව තවත් දකුණට සංක‍්‍රමණය වී අනතුරුව එම උප මහාද්වීපයේම කොටසක් වූ ලංකාවට සම්ප‍්‍රාප්ති වී ඇති බවට කපිතාන් රඹුක්වැල්ල තර්ක කරයි.


මෙසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. පිතකැන්ත්‍රොපස් හා ඔස්ට‍්‍රලොපිතෙකස් ජීවත් වුණේ වසර ලක්ෂ පහකට පෙරාතුව යයි විශ්වාස කරන අතරනූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ගේ සපැමිණීමට බොහෝ කලකට පෙර වඳ වී ගිය බව පෙනේ.


ප‍්‍රකට ගවේෂක වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් විසින් රඹුක්වැල්ලගේ න්‍යායය විවේචනය කරනුයේ (රාජකීය ආසියාතික සමිතිය ප‍්‍රකාශනය, 1963) වඳව ගිය රතු ලෝම සහිත දුඹුරු වලසකු වන රාහු වලසා සමගින් නිත්තෑවන් සරළ ලෙස අනන්‍ය කරමිනි.


නිත්තෑ පුරාවත පිළිබඳ පානම පත්තුවේ සිංහල වැසියන්ගෙන් නෙවිල් (1886) විසින් ලබා ගන්නා ලද විස්තර මත ස්පිට්ල්ගේ ප‍්‍රවාදය පදනම් වෙයි. නිත්තෑවුන්ට, රාහු වලසාට මෙන් විසිරුණු රතු ලෝම හා දිගු නිය ඇතැයි කියනු ලබන පුරාවෘත්තය වැද්දන් අතර තවමත් සුරක්‍ෂිත ව ඇති ප‍්‍රවාදයකට බෙහෙවින් සමානය.


කෙසේ වෙතත් නෙවිල් මෙය වැද්දන්ට ඉදිරිපත් කළ කල්හි වැද්දන් විසින් මෙකී ප‍්‍රවාදය සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදැක්වූ අතරම නිත්තෑවුන්ගේ රතු පැහැ හිස කෙස් සහ දිගු නිය පිළිබඳව විස්තරය අසා වැද්දෝ විමතියෙන් එය හාස්‍යයට ලක් කළහ. ඔවුන් එකවරම කියා සිටියේ සිංහලයන් විසින් දුර්ලභ වලසකු වන රාහු වලසා නම් වූ ලේනම ප‍්‍රදේශයේ සිට දැන් වඳව ගොස් ඇති, අපැහැදිලි කටකතා මඟින් පමණක් දැන ගත හැකි ජීවියකු සමඟින් නිත්තෑවන් පටලවාගෙන ඇති බව යයි නෙවිල් ලියයි.


මෙම වලස් විශේෂය බොහෝ මෑතක් වන තුරු ජීවත් වූ බවට සාක්‍ෂි ඇත. 1885දී නෙවිල් විසින් රචිත තැප්‍රෝබේනියන් නම් වූ ග‍්‍රන්ථයේ සටහන් වනුයේ, රාහු වලහා කලාතුරකින් “මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරමැද වූ වනයෙන් පිරි දිස්ති‍්‍රක්කයක” හමුවන බවකි.


1964දී නන්දදේව විජේසේකර සංක‍්‍රමණය වන වැද්දන් පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවන් යනු නෙග්රිතෝ මිනිසුන් විය හැකි බවය.


විජේසේකර තම න්‍යාය තව දුරටත් පුළුල් කිරිමට වෙර නො දරන්නේ මුත්, එතකුදු වුවත් එය නිශ්චිතවම වාගේ ඊට පෙර නිත්තෑවුන් පිළිබඳව ඉදිරිපත් කළ අනෙකුත් න්‍යායන්ට වඩා තහවුරු කළ හැකි මතයක් වෙයි. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොණදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප‍්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැක. මෙම ජන වර්ගයේ අනිකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි 'තොආලා' හි දැකිය හැක.


නෙග්රිතෝ ඝනයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අශි‍්‍රත ව හඳුනාගත හැක. ලාක්ෂණික තද කලූ සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනා ගත හැක. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැණු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාවය තුළ දකුණු ඉන්දීය නෙග්රිතෝ ගෝත‍්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ.


එනමුත් ඔවුන්ගේ සිරුරු හා සම්බන්ධ අස්ථි කොටස් හමු වී නොමැත්තේ මන්දැයි ඇසීම වැදගත් ප‍්‍රශ්නයක් ලෙසින් සැලකිය හැක. ඊට හේතු ලෙසින් දැක්විය හැක්කේ නිත්තෑවන්ගේ වාසභූමිය වූ ලේනම හා තමන්කඩුව ප‍්‍රදේශයන් තවමත් විශාල වශයෙන් ගවේශණයට ලක් කර නොතිබීම බව කිව හැක.



නිත්තෑවෝ කවරහු ද?





පලවු(Palau) ශාන්තිකර දූපත්වලදී පුද්ගලයන් විශාල ප‍්‍රමාණයකට අයත් මානව අස්ථි දහස් ගණනක් සොයා ගත් බව නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් වෙබ් අඩවිය 2008 මාර්තු මසදී වාර්තා කළේය. මේ අයුරින් සොයා ගත් අස්ථි පරික්‍ෂා කළ විද්‍යාඥයන් තව දුරටත් ප‍්‍රකාශ කළේ එවා ඉතා පැරණි බවත්, එම දූපත් වාසීන් විශේෂ වශයෙන් කුඩා ප‍්‍රමාණයේ දේහයන්ට හිමිකම් කියන්නට ඇති බවත්ය. තවද, මෙම අස්ථි කැබලි වසර 900 සිට 2900 දක්වා පැරණි බවත්, මානව පරිණාමයේ හෝමෝ සේපියන්ස් විශේෂයට එ්වා අයත් බවත්, මේ පිළිබඳ පර්යේෂණ පති‍්‍රකාවක සඳහන් වී ඇත. තව දුරටත් කරුණු දක්වන නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් වෙබ් අඩවිය, මෙම පැරණිම අස්ථීන් ඉතා කුඩා බවත්, එ්වායේ පෙන්නුම් කරන ඇතැම් ගති ලක්‍ෂණ ආදිකල්පික නොහොත් පෞරාණික බවත් කියා සිටියි.


මෙම අස්ථි කොටස් ප‍්‍රථම වරට හමු වූයේ 2006දී පිලිපීනයෙන් කිලෝමීටර් 600ක් පමණ වන්නට නැගෙනහිර දිශාවෙන් පිහිටි කඳුකර ශිඛරමය දූපත් සමූහයක පිහිටි ගල් ගුහා දෙකක් ආශි‍්‍රතවය. එම අස්ථි පළමු වරට සොයා ගැනීමේදී එ්වා මෙම ගුහා තුළ සුන්බුන් මෙන් තැනින් තැන විසිර තිබිණි. එ්වා මුහුදු රළ නිසා ඇති වූ කැලඹීම්වලින් ගසාගෙන ගොස් තැනින් තැන තැන්පත් කර තිබුණේය. ඉන් සමහර අස්ථි කැබලි ගුහාව පතුලෙහි වැලි බිමෙහි ගැඹුරින් වැළලී තැන්පත්ව තිබු අතර, හිස් කබල් කිහිපයක් ගුහාවේ බිත්තිවල බදාමයකින් මෙන් තදින් ඇලී තිබුණ බවත් වෙබ් අඩවිය තව දුරටත් කියා සිටී.


මෙම ලෙන් ආශි‍්‍රත කැනීම් කටයුතු නැෂනල් ජියෝග‍්‍රැෆ‍්‍රික් සංගමය විසින් පසුව සිදු කරන ලදී. ඉන් පසුව මෙම කැනීම් අලලා පල කරන ලද විද්‍යාත්මක පති‍්‍රකාවක සඳහන් වූයේ ඔවුන් සොයා ගත් දෑ හා ශරීර ප‍්‍රමාණයෙන් කුඩා මිනිස් ජීවින් පිරිසක් පිළිබඳ විස්තරයකි. මෙසේ සොයා ගත් අස්ථි කැබලි මගින් නිරූපණය කරන ලද්දේ සෙන්ටිමීටර් 94 – 120 පමණ උස් වූ හා කිලෝ 32- 41 පමණ ශරීර ස්කන්ධයක් සහිත මිනිසුන් පිරිසකි. ‘හොබිට්’ ලෙසින් නම් කරන ලද මෙවන් මිනිසුන් පිරිසකගේ අවශේෂයන් ඉන්දුනීසියානු දූපත් පෙළක් වන ෆ්ලෝරස් ආශ‍්‍රයෙන් 2003 වසරේදී, මෙම සංගමයෙන් ලද මූල්‍ය සහ අනිකුත් අනුග‍්‍රහ යටතේ, සොයා ගන්නා ලදී. මානව විද්‍යාඥයන් විසින් මෙම හොබිට්වරු වෙනත් මානව විශේෂයක්, එනම්, හෝමෝ ෆ්ලොරෙසියෙන්සිස් (Homo floresiensis) ලෙසින් වර්ගීකරණය කරන ලදී. කෙසේ වෙතත්, මස්තිශ්කයේ ප‍්‍රමාණය, මුහුණේ හා අස්ථිවල ප‍්‍රමාණයන් ආදිය සැලකීමෙන් පලාවු අස්ථිවලට හිමිකම් කියන ජීවින් Homo sapiens sapiens විශේෂය යටතේ වර්ගීකරණය කළ යුතු බවට යෝජනා වී ඇත.
මෙම කුඩා ප‍්‍රමාණයේ සිරුරු හිමි ජීවින් වෙනත් ජීවි විශේෂයක් ලෙසින් වර්ගීකරණය කළ යුතුද යන්න පිළිබඳව පවතින වාද විවාදයන් තවමත් නිමා වී නැත. කෙසේ වෙතත්, ගිනිකොණදිග ආසියාවේ මෙවන් කුඩා සිරුරින් යුත් ජනගහණයන් සිටින බව හොදින් දන්නා කාරණයකි. වර්තමානයේදී ෆ්ලෝර්ස් හොබිට් ප‍්‍රදේශයේදී හමු වූ ආකාරයේ මානවයන්ට සමාන ජන ප‍්‍රජාවක් ආසන්න රම්පපාසා ගමෙහි ජීවත් වෙති.


අප වර්තමානයේදී හොදින්ම දන්නා පිග්මි ජන ප‍්‍රජාවන් වන අකා, එෆේ, හා ම්බුටි ආදින් ජීවත් වනුයේ මධ්‍යම අෆි‍්‍රකාවේය. එසේ ම තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපයින් දුපත්, පැපුවා නිව් ගිනියාව, බ‍්‍රසීලය හා බොලීවියාව යන රටවලද පිග්මිවරු ජීවත් වෙති. නෙග්රිටෝවරු ගිනිකොණදිග ආසියාවේ මුල් පදිංචිකරුවෝ වූහ. ජාත්‍යන්තර විශ්ව කෝෂයට අනුව පිග්මිවරයකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 150ක් පමණ වේ. පිග්මි යන පදය කුරු මිනිස් ප‍්‍රජාවන් හා ආශ්‍රේය වදනක් වන අතර එය ගී‍්‍රක් බසින් Pygmaioi හා ලතින් බසින් Pygmaei ලෙසින් යෙදේ. මින් අර්ථ ගැන්වූයේ මානව අතේ වැලමිටෙහි සිට ඇඟිලි පුරුක් ඇට දක්වා ඇති දිග මනින මිම්මකි.


නෙග්රිටෝ ලෙසින් අර්ථ ගැන්වූයේ ස්පාඤ්ඤ බසින් ‘කුඩා කළු (එකා)’යන්නය. ගිනිකොණදිග ආසියාවට පැමිණි මුල් දේශ ගවේශකයන් විසින් මෙම වදන භාවිතා කර ඇත. පිලිපීනයේ බතාක් හා ඇටා (Aeta), අන්දමන් දූපත් ආශි‍්‍රතව වාසය කරන අන්දමනීස්වරු, මලයා අර්ධද්වීපයේ සෙමැංවරු ආදිහු මෙම නෙග්රිටෝ කුලකයට අයත් වෙති. ශාන්තිකර සාගරයට අයත් කලාපීය අනිකුත් රටවල ජීවත් වන පැපුවන්වරු හා මෙලනීසියන්වරු මෙම පිග්මි ජන කොටසට අයත් වෙතැයි නිතරම පවසනු ලබයි. අෆි‍්‍රකානු පිග්මි ජනගහණයට අයත් වන අයවලූන් විසින් දරනු ලබන ඇතැම් ශාරීරික ලක්‍ෂණයන් මෙම නෙග්රිටෝවරුන් හට පොදු වෙයි. ප‍්‍රමාණයෙන් කුඩා වූ ශරීරයන් හා කළු පැහැ සමෙහි වර්ණය ඉන් ප‍්‍රධාන වෙති. එතකුදු වුවත්, ඔවුන්ගේ සම්භවය හා ආසියාව දක්වා ඔවුන්ගේ සංක‍්‍රමණය පිළිබඳව ඇති තොරතුරු තව දුරටත් ගවේශනයට ඉතිරි ව තිබේ. නෙග්රිටෝවරුන්ගේ ජානමය ලක්‍ෂණ පරික්‍ෂා කර බැලූ විට ඔවුන් අෆි‍්‍රකානුවන්ගේ වෙනස් බවට හැඳිනගෙන ඇති අතර මුල් කාලීන ආසියානුවන්ගෙන්ද ඔවුහු වෙනස් වෙති. මෙම ප‍්‍රස්තුතයෙන් යෝජනා වනුයේ එක්කෝ, මෙම නෙග්රිටෝවරු වනාහි මුල් කාලීනව අෆි‍්‍රකාවෙන් පිටත්වූ සංක‍්‍රමණිකයන්ගෙන් පැවත එන මුල් පදිංචිකරුවන්ගේ නූතන පරපුරක් හෝ නූතන මිනිස් පරපුරකගේ මුල් ජන ප‍්‍රජාවකගෙන් පැවත එන බව ය. අෆි‍්‍රකානුවන්ට ඔවුන් දක්වන සමානබව පිළිබඳව සාමාන්‍යයෙන් පිළිගත් මතය වනුයේ එය එකම සම්භවයක් නිසා ඇති වූවක් නොව එම දෙපිරිසම එකම බාහිර තත්වයනට මුහුණ දීම නිසා ඇති කර ගත් අනුවර්තනයක් නිසා එය සිදු වූ බවයි.


මේ සියලූ විස්තරයන් මෙසේ පෙළගස්වනුයේ නූතන මිනිසාට සමාන ලක්‍ෂණවලින් සිටියා වූ ද, ප‍්‍රමාණයෙන් කුඩා සිරුරුවලට හිමිකම් කී බවට සාධක ඇත්තා වූ ද ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳ සංවාදයකට එ්ම පිණිසයි.


නිත්තෑවන් පිළිබඳ යම් පරිකල්පනයක් ‘අබා‘ චිත‍්‍රපටයෙහිද තිබේ.


1886 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුළු වාර්තාවක් (The Nittaewo of Ceylon – The Taprobanian,1886) නමින් ඉදිරිපත් කරයි. මෙම ජන කොටසේ අනන්‍යතාව පිළිබඳව තියුණු මතභේදයන් පවතී. මෙහිදී ඇතැමුන් විශ්වාස කරනුයේ නිත්තෑවෝ වනාහී නෙග්රිටෝවරුන්ගේ අවශේෂව ගිය ගෝත‍්‍රයක් බවටය. එසේ ම අනෙකුත් අයවලූන් කියා සිටිනුයේ නිත්තෑවන් වූකලී වානර මානවයෙකු බවයි. එතකදු වුවත් ඇතැම්හු මෙම නිත්තෑවුන් රාහු වලසා යනුවෙන් හඳුන්වනු ලැබු වලසකුට සමාන සදහටම වඳවී ගිය විශේෂයක් ලෙසින් සලකති.


නිත්තෑවුන් වනාහි යාල නැගෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප‍්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව කියනු ලැබේ. මින් වසර 250කට පමණ පෙර වැද්දන් විසින් සහමුලින්ම ඝාතනය කොට ඉවත් කරනු ලැබු සෙයක් මෙයින් විශ්වාස කෙරෙයි. වැද්දන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරනුයේ, “නිත්තෑවෝ වනාහී ක‍්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිත වූ සහ ලේනම ආශි‍්‍රතව කුඩා ප‍්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.


ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොල අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ඔවුහු ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුනේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනා කරුවන්ගෙන් ඇතමුන් භාවිතා කළ තෙලිඟු බසටය. තම සීමාව ආක‍්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දෙන හෙයින් සෑම වැද්දකුම දඩයමට හෝ පැණි එකතු කිරීමට නිත්තෑවන්ගේ සීමාවට ඇතුල්වීමට බිය වූහ. හියූ නෙවිල් හට මෙම තොරතුරු සැපයීමට ඉදිරිපත් වූවන්ගේ මුතුන් මිත්තන් විසින් නිත්තෑවුන් සමඟ සටන් කොට අවසානයේදී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැණුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලූවා වනසා දැමුවේලූ. ඉන් අනතුරුව, නිත්තෑවුන් වඳව ගිය අතර ඔවුන්ගේ දඩයම් බිම් වැද්දන් විසින් අත්පත් කර ගන්නා ලදී.


ෆ්‍රෙඞ්රික් ලූවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප‍්‍රකාශනයේ නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ව කළ ගවේශණයක සටහන් ඇසුරින් වැදි සිරිත් විරිත් පිළිබඳව වාර්තා කරමින් කියා සිටිනුයේ, නිත්තෑවන් වනාහි අඩි තුනක් පමණ උස ජන කොටසක් බවයි. ඔවුන්ගේ ස්තී‍්‍රන් පිරිමින්ට වඩා උසින් අඩු වූහ. ඔවුන් සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගිය, වලිග රහිත හා සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවු ජන කොටසක් ලෙසින් ජීවත්ව ඇත. ඔවුන්ගේ බාහු කෙටි වූ අතර ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණි. ඔවුන් ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශි‍්‍රතව දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි. ඔවුන් 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත ව තිබු රංචු තුළ ජීවත් වූ අතර ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුනි. නිත්තෑවන් ජීවත් වූයේ ඊට පරම්පරා දෙකකට පෙර වූ අතර, නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යාමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ජීවත්ව සිටින්නට ඇත.


නිත්තෑවුන් පිළිබඳව වන මෙම පුරාවෘත්තය විස්තර කිරිමෙහිලා න්‍යායයන් බොහොමයක් ගෙනහැර දක්වා ඇත. නිදසුනක් ලෙසින් හියු නෙවිල් විශ්වාස කරනුයේ මෙකී ජනවර්ගය රැහෙන් පන්නනු ලැබු, වහලකු හට පවා ස්පර්ශ කිරීමට හෝ සිත් නොදෙන අතිශය අපිරිසිදු, නීච ජන වර්ගයක් වන කොචින්හි නියදිවරුන් හට යම් නෑ සබඳතාවයක් දක්වන බවටය. නියදිවරුන්ව විස්තර වනුයේ කුඩා රංචු වශයෙන් නිදැල්ලේ ඇවිදින හා රූස්ස ගස් මත තැනු තුරුලූ කැදලි හෝ පැස් (basket) බඳු නිවාස තුළ ජීවත් වන ජන කොටස් වශයෙනි. ඔවුන් ඉබ්බන් හා කිඹුලන් ආහාරයට ගෙන ඇති අතර වසරකට වරක් කුකුලකු බිලි පූජාවට ලක් කර දේවතාවියකට වැඳුම් පිඳුම් කළ බවද සඳහන්ය. නිත්තෑවුන්ගේ ආහාර පරිභෝජන රටාව, වෘක්‍ෂ මත ඔවුන් ගත කරන ජීවිතය හා ඉබාගාතේ යන ජීවන රටාව මුලික වශයෙන් සලකා බලා නිත්තෑවුන්ව නියදිවරුන් සමඟින් සම්බන්ධ කිරීමට නෙවිල් කරුණු ඉදිරිපත් කළේය. ඔවුන්ගේ සම්භවයට අනුකූලව ඔහු විසින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවුන් වනාහි විනාශයෙන් හෝ සංක‍්‍රමණයෙන් පසු ඉතිරි වූ සිංහල ලම්බකර්ණ වංශිකයන්ගෙන් පැවතෙන්නන් බවයි. කෙසේ වෙතත්, නෙවිල්ගේ මෙම කල්පිතය වඩාත් විතර්කීය වන බැවින් එය ශාස්තී‍්‍රය ගුරුකුලයන් තුළ එතරම්ම පිළිගැනීමකට ලක් ව නොමැත.


මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යායය 1945 දී පළ කළ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටළුවක්’ ලෙසින් ඉදිරිපත් කර ඇත. එහිදී එම න්‍යාය මගින් ඔහු සාකච්ජා කරනුයේ නිත්තෑවුන් වනාහි ජාවා මිනිසා හෝ පිතෙකැන්ත්‍රෝපස් මානවයාගෙන් වෙන්වු වෙනත් ජීවි විශේෂයක් බවය. ඔහු විශ්වාස කරනුයේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනිකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවටය. කපිතාන් එ්. ටී. රඹුක්වැල්ල, ‘නිත්තෑවෝ – ලංකාවේ පුරාවෘත්තමය පිග්මිවරු,’ මැයෙන් යුතුව 1963 දී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ පුවත් කලඹෙහි ලිපියක් පළ කරමින් මෙම වානර – මානව න්‍යාය ශක්තිමත් කරයි. එසේම, නිත්තෑවන් වනාහි දකුණු අෆි‍්‍රකාවේදී ශේෂයන් හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ඔස්ට‍්‍රලෝපිතකස් මානව විශේෂයට අයත් ජීවි විශේෂයක් බවට ඔහු විශ්වාස කරයි. මෙම මානව විශේෂය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙනුයේ සිරුරින් කුඩා, මිනිස් වානරයන්ගේ පෙනුමැති, සෘජු කය විලාසයකට හිමි කම් කියන, දෙපා සංචරණයට හුරු වුවන් ලෙසිනි.


ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි පලා මිදුළු අනුභව කරන, සතුරා පසු පස එලවීමේදී තියුණු හා විනාශකාරී ආයුධ දරන වානරයකු ලෙසට ය. ඔවුන්ගේ මාංශ ආහාර සඳහා ඉබ්බන්, කටුස්සන්, කකුළුවන් හා කුරුලූ බිත්තර නිබඳව යොදා ගෙන තිබුණි. මේ අනුව කපිතාන් රඹුක්වැල්ල කියා සිටිනුයේ, “එවකට ආසියාව සහ අෆ‍්‍රිකාව පුරා සැරිසැරූ මෙම මානව වානරයන් මුල් මානවයා සමග සමාන්තරව, සුරැකුම සඳහා තරග වදිමින් පරිණාමය වූ බවයි. මෙම තරගයේදී පලවා හරින ලද ඔවුහු මහාද්වීපයේ පරිවාර ප‍්‍රදේශවලට තල්ලූ වී ගියහ.”


මෙකී ඔස්ටෙ‍්‍රලෝපිතකස් මානවයන්ට ඥති සබඳතා දක්වන වෙනත් උප මානව වානර විශේෂ ඉන්දීය උප මහාද්වීපයේ ගැවසෙමින් සිටි අතර මුල් ප්ලයිස්ටෝසීන යුගයේදී පැවැත්ම සඳහා පරිසරය සමග සිදු කළ අරගළයේදී තව තවත් දකුණට සංක‍්‍රමණය වී අනතුරුව එම උප මහාද්වීපයේම කොටසක් වූ ලංකාවට සම්ප‍්‍රාප්ති වී ඇති බවට කපිතාන් රඹුක්වැල්ල තර්ක කරයි. මෙසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. පිතකැන්ත්‍රොපස් හා ඔස්ට‍්‍රලොපිතෙකස් ජීවත් වුණේ වසර ලක්ෂ පහකට පෙරාතුව යයි විශ්වාස කරන අතරනූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ගේ සපැමිණීමට බොහෝ කලකට පෙර වඳ වී ගිය බව පෙනේ.


ප‍්‍රකට ගවේෂක වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් විසින් රඹුක්වැල්ලගේ න්‍යායය විවේචනය කරනුයේ (රාජකීය ආසියාතික සමිතිය ප‍්‍රකාශනය, 1963) වඳව ගිය රතු ලෝම සහිත දුඹුරු වලසකු වන රාහු වලසා (Ursus Inornatus) සමගින් නිත්තෑවන් සරළ ලෙස අනන්‍ය කරමිනි.


නිත්තෑ පුරාවත පිළිබඳ පානම පත්තුවේ සිංහල වැසියන්ගෙන් නෙවිල් (1886) විසින් ලබා ගන්නා ලද විස්තර මත ස්පිට්ල්ගේ ප‍්‍රවාදය පදනම් වෙයි. නිත්තෑවුන්ට, රාහු වලසාට මෙන් විසිරුණු රතු ලෝම හා දිගු නිය ඇතැයි කියනු ලබන පුරාවෘත්තය වැද්දන් අතර තවමත් සුරක්‍ෂිත ව ඇති ප‍්‍රවාදයකට බෙහෙවින් සමානය. කෙසේ වෙතත් නෙවිල් මෙය වැද්දන්ට ඉදිරිපත් කළ කල්හි වැද්දන් විසින් මෙකී ප‍්‍රවාදය සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදැක්වූ අතරම නිත්තෑවුන්ගේ රතු පැහැ හිස කෙස් සහ දිගු නිය පිළිබඳව විස්තරය අසා වැද්දෝ විමතියෙන් එය හාස්‍යයට ලක් කළහ. ඔවුන් එකවරම කියා සිටියේ සිංහලයන් විසින් දුර්ලභ වලසකු වන රාහු වලසා නම් වූ ලේනම ප‍්‍රදේශයේ සිට දැන් වඳව ගොස් ඇති, අපැහැදිලි කටකතා මඟින් පමණක් දැන ගත හැකි ජීවියකු සමඟින් නිත්තෑවන් පටලවාගෙන ඇති බව යයි නෙවිල් ලියයි. මෙම වලස් විශේෂය බොහෝ මෑතක් වන තුරු ජීවත් වූ බවට සාක්‍ෂි ඇත. 1885දී නෙවිල් විසින් රචිත තැප්‍රෝබේනියන් නම් වූ ග‍්‍රන්ථයේ සටහන් වනුයේ, රාහු වලහා කලාතුරකින් “මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරමැද වූ වනයෙන් පිරි දිස්ති‍්‍රක්කයක” හමුවන බවකි.


1964දී නන්දදේව විජේසේකර සංක‍්‍රමණය වන වැද්දන් පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවන් යනු නෙග්රිතෝ මිනිසුන් විය හැකි බවය. විජේසේකර තම න්‍යාය තව දුරටත් පුළුල් කිරිමට වෙර නො දරන්නේ මුත්, එතකුදු වුවත් එය නිශ්චිතවම වාගේ ඊට පෙර නිත්තෑවුන් පිළිබඳව ඉදිරිපත් කළ අනෙකුත් න්‍යායන්ට වඩා තහවුරු කළ හැකි මතයක් වෙයි. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොණදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප‍්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැක. මෙම ජන වර්ගයේ අනිකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි තොආලා (Toala) හි දැකිය හැක.


නෙග්රිතෝ ඝනයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අශි‍්‍රත ව හඳුනාගත හැක. ලාක්ෂණික තද කලූ සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනා ගත හැක. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැණු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාවය තුළ දකුණු ඉන්දීය නෙග්රිතෝ ගෝත‍්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ. එනමුත් ඔවුන්ගේ සිරුරු හා සම්බන්ධ අස්ථි කොටස් හමු වී නොමැත්තේ මන්දැයි ඇසීම වැදගත් ප‍්‍රශ්නයක් ලෙසින් සැලකිය හැක. ඊට හේතු ලෙසින් දැක්විය හැක්කේ නිත්තෑවන්ගේ වාසභූමිය වූ ලේනම හා තමන්කඩුව ප‍්‍රදේශයන් තවමත් විශාල වශයෙන් ගවේශණයට ලක් කර නොතිබීම බව කිව හැක.



@ktdmkasun 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS